පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන තුන්දහස් පනහකදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා විභාග අපේක්ෂකයින් තුන්ලක්ෂ පනස්පන් දහස් තුන්සිය විසි හයදෙනෙකු පෙනී සිටිමට නියමිතයි. සිංහල මාධ්‍ය අයදුම්කරුවන් දෙලක්ෂ හැට හත් දහස් හත්සිය හැත්තෑවක් සහ දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් අසූහත් දහස් පන්සියපනස් හයක් ඒ අතර වනවා. පෙරවරු 9.00 වන විට විභාග අපේක්ෂකයින් ශාලාවල අසුන්ගත යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. සෑම විභාග අපේක්ෂකයෙකුම සිය විභාග අංකය ඇදුමේ වම්පස පැළද සිටිය යුතු අතර දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු විමට අවසර නැහැ. විභාගය අවසන් වු පසුවත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ළග තබා ගැනිම , පිටපත් කිරිම, මුද්‍රණය කිරිම මෙන්ම කුමන හෝ ආකාරයකට ප්‍රසිද්ධ කිරිමට සපුරා තහනම් වනවා.