96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් නව තරග වාර් තාවක් පිහිටුවීමට හිමාෂ ඒෂාන් සමත්වුණා. සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 752 ක් එක්ව සිටිනවා. ඉසව් 36 ක් යටතේ ඔවුන් තරගබිමට පිවිසීමට නියමිතයි. තරගාවලියේ දෙවන දිනය වන අද (04) තරග ආරම්භවූයේ මීටර් 10 000 ඉසව්වෙන්. ඊට ක්‍රීඩකයින් 53 දෙනෙකු එක්ව සිටියා. මේ අතර මීටර් 100 ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවීමට හිමාෂ ඒෂාන් සමත්වුණා. ඒ තරගය තත්පර 10 යි දශම 41 කින් තරගය අවසන් කරමින්. මේ අතර තවමත් තරගාවලියේදී බිහිවී ඇත්තේ එක් නව ජාතික වාර්තාවක් පමණයි. තරගාවලිය ආරම්භ කළ මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වෙන් එය පිහිටුවීමට ඊයේ (03) දිනයේදී නිලානි රත්නායක සමත්වුණා. ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්යක්ෂ සජිත් ජයලාල් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ඇය මෙම වාර් තාව පිහිටුවීම විශ්ෂත්වයක්.