අයාලේ යන සුනඛයින් සපාකෑම නිසා මීරිගම අධිකාරම්වත්ත ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්ව සිටිනවා. ප්‍රදේශය පුරා සුනඛයින් 10 – 15 සංඛ්‍යාවක් නිරන්තරව දැකගත හැකි බවයි ඔවුන් පවසන්නේ.
ජලභීතිකාව වැළඳුණු සුනඛයෙකු පාසල් දරුවෙකු හා තවත් කිහිප දෙනෙකු සපා කා ඇති බව ද සඳහන්. මේ පිළිබඳ අදාළ නිලධාරීන් දැනුවත් කළ ද කිසියම් පියවරක් ගෙන නැති බව මීරිගම අධිකාරම්වත්ත ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/FwBXWAXnEcg”]