බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුනේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවීමේ හැකියාව පවතී.මේ නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2018-08-04 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 33 | 25 | 90 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 33 | 26 | 85 | 55 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ | 30 | 26 | 90 | 75 | සිහින් වැසි වාර කිහිපයක් |
ගාල්ල | 30 | 26 | 90 | 80 | සිහින් වැසි වාර කිහිපයක් |
යාපනය | 32 | 27 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 29 | 21 | 95 | 70 | සිහින් වැසි වාර කිහිපයක් |
නුවරඑළිය | 19 | 14 | 95 | 80 | සිහින් වැසි වාර කිහිපයක් |
රත්නපුරය | 31 | 24 | 95 | 70 | වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමලය | 36 | 26 | 80 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 30 | 26 | 90 | 75 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |