සංචාරක දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මෙරට නැගී එන කණ්ඩායමේ නායක කෞෂාල් සිල්වා පවසනවා. දෙරට අතර නිල නෙවන සිව්දින තරග දෙකක් හා එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතයි.
මෙරට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධනයි. තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. ඊට කණ්ඩායම් දෙකේ නායකයින් ඇතුලු නිලධාරීන් එක්ව සිටියා.