මොරගහකන්ද දක්වා කළු ගග ජලාශයේ ජලය ගෙන යන කිලෝමීටර් 9 ක් දිගින් යුත් උමගක් සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ සිට ස්ථාන ගණනාවක සිදුවන කටයුතු එසැනින් සජීවීව ලබාදීමේ භාරදූර වගකීම ITN කාර්යය මණ්ඩලය මේ වනවිටත් සැලසුම් කර අවසන්. කළු ගග ජලාශයේ රන්දියවර රැස්කිරීම ආරම්භ කිරීමේ අවස්ථාව සජීවීව ගෙන එන්නේ සොබාදහමේ හැසිරීම් සමග උරෙනුර ගැටෙමිනුයි. තවමත් මහා පරිමාණ ඉදිකිරීම් රැසක් සිදුවෙමින් පවතින මෙම භූමියේ ගමනා ගමනය පවා පහසු කාර්යයක් වන්නේ නැහැ. එහෙත් මිනිස් ශ්‍රමයේ සිට නවීන තාක්ෂණයේ උපරිමය නොඅඩුව යොදාගනිමින් සියලු දුෂ්කරතා ජයගැනීමට ITN කාර්යය මණ්ඩලය සූදානම්.
ITN මාධ්‍ය ජාලය මෙරට රූපවාහිනී ඉතිහාසයට තවත් දැවැන්ත අත් දැකීමක් එකතු කරමින් මේ වාරි විශ්මිතයේ කතාව එසැනින් මුළු ලෝකයටම කියන්න දායකවීම ගැන අපට තිබෙන්නේ ඇත්තටම සතුටක්.