ඉරාන දේශ සීමාවේදී එල්ල වූ ප්රහාරයකින් එරට ආරක්ෂක නිලධාරින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. කුර්දි සංවිධානයට සම්බන්ධ ත්රස්ත කණ්ඩායමක් ප්රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ප්රදේශය ආශ්රිතව විශේෂ සෝදිසි මෙභෙයුමක් ක්රියාත්මක බව ඉරාන බලධාරින් පවසනවා.