දිවයිනේ සියලුම පර්යන්ත රෝහල් සදහා අත්‍යවශ්‍ය වූ කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයක් නිර්මාණය කිරිමට වෛද්‍යවරයෙකු සමත් වී තිබෙනවා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතායි.
කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර නොමැති වීම නිසා රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද පත් වන්නේ දැඩි අසීරුතාවයකටයි. ඒ ශ්වසන රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහලක් කරා රැගෙන යාමේදී දැනට පවතින බැලුනයක් ආධාරයෙන් ශ්වසනය ලබා දීමේ ක්‍රියාවලියට සේවකයන් හතරදෙනෙකුගේ සේවය අවශ්‍ය වීම හේතුවෙන්. වෛද්‍ය දුලාන් සමරවීර මහතා නිර්මාණය කළ මෙම යන්ත්‍රය හේතුවෙන් එක් සේවකයෙකු පමණක් යොදවා රෝගියා මහරෝහලක් කරා රැගෙන යා හැකියි. මේ සදහා වැය කොට ඇති මුදල රුපියල් විසි පන්දහසක් පමණ වනවා.
වෛද්‍ය දුලාන් සමරවීර – අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ,
[ot-video type=”youtube” url=”https://youtu.be/I4PB9nwCqKI”]