ජපන් තානාපති කාර්යාලය සංවිධාන කරන වාර්ෂික ජපන් චිත්‍රපට උළෙල මෙවරත් පැවැත්වෙනවා. ජාතික තරුණසේවා සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව, ලෝක තරුණ ආදිශිෂ්‍ය සංවිධානය සමග එක්වයි ජපන් තානාපති කාර්යාලය මෙම චිත්‍රපට උළෙල සංවිධාන කරන්නේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ලබන සෙනසුරාදා(21) සහ ඉරිදා (22) චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනු ඇති.
සෙනසුරාදා පස්වරු 3 ට ඉට්ස් අ බියුටිෆුල් ලයිෆ් චිත්‍රපටය තිරගත වන අතර පස්වරු පහයි තිහට ද කම්ප්ලෙක්ස් චිත්‍රපටය තිරගත වනවා. ඉරිදා පස්වරු 3 ට ගෝල්ඩන් ඔකේස්ට්රා චිත්‍රපටය තිරගතවීමට නියමිත අතර පස්වරු පහයි තිහට තිරගත වන්නේ ටයිම්ස් ඔෆ් ඊව් චිත්‍රපටයයි. විශිෂ්ඨ වෘතාන්ත සිනමා පට ශ්‍රී ලාංකේය රසිකයින්ට හදුන්වාදීම මෙහිදී සිදුවනවා. සියලු චිත්‍රපට නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන බවයි සංවිධායකයන් සදහන් කරන්නේ. චිත්‍රපට උළෙලේ සමාරම්භක උත්සවය හෙට (19) පැවැත්වෙනු ඇති.