සෝමාවතිය ජාතික වනෝද්‍යාන කලාපයේ ඇතිවූ ගිනි ගැනීම් දෙකකින් අක්කර 20ක් පමණ විනාශ වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා පවතින අධික වියළි කාලගුණය නිසා හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
සෝමාවතිය මැද මළුව රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හටගැනුණා. අනෙක් ගිනි ගැනීම ඊයේ රාත්‍රියේ දී කන්දකටුව ප්‍රදේශයේ සිදුව තිබෙනවා.
සෝමාවතිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පැය 4ක මෙහෙයුමකින් පසු ගින්න මැඬපැවැත්වීමට කටයුතු කළා. වනයට ඇතුළුවන පිරිස් ඊට ගිනි තබන්නට ඇති බවට සැක කෙරෙනවා. සෝමාවතිය පොලීසිය ඒ පිළිබද පරීක්ෂණ සිදුකරනවා.