රත්රන් තොගයක් ඇති බවට සැක කෙරෙන පැරණි නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලෙන් සොයාගෙන තිබෙනවා. මෙය රුසියාවට අයත් නෞකාවක් ලෙසයි විශ්වාස කෙරෙන්නේ. මීට වසර 113 කට පෙර එය මුහුදුබත්වී ඇති බව සදහන්. දකුණු කොරියා, ජපාන යුද්ධය පැවති සමයේදී එය මුහුදුබත් වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. නෞකාවේ ඇති රත්රන් වල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 130 ක් ඉක්ම වියහැකි බවයි දකුණු කොරියා මාධ්‍ය සදහන් කළේ.