ඉන්දියාවේ මහල් හයකින් යුතු ගොඩනැගිල්ලක් තවත් මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලක් මතට කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නවදිල්ලියට ආසන්න නොයිඩා නගරයේ මහල් නිවාසයකුයි මෙසේ කඩා වැටුණේ. මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලේ පවුල් 18 ක් පමණ ජීවත්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මුදා ගැනීමේ අංශ පවසන්නේ මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.
මේ වන විට පැය 35ක කාලයක් තුළ සිරුරු 9ක් සුන්බුන් අතරින් හමු වී තිබෙනවා. තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවද සඳහන්. මුදාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි. මළසිරුරු අතර මාස 14ක දරුවකුගේ සිරුරක් ද හමු වී තිබෙනවා. පොලීසිය විසින් එක් ගොඩනැගිල්ලක හිමිකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. තවද මෙම අනාරක්ෂිත ඉඳි කිරීම සම්බන්ධයෙන් තවත් 20 දෙනෙකු අත්අඩංගුවට ගත යුතු බව ද පොලිසිය පවසනවා.