වසර විස්සකට පසුව ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර ගුවන් ගමන් වාර ආරම්භ වුණා. සාමයේ පක්ෂියා ලෙසයි ඉතියෝපියා ගුවන් සමාගම මෙම යානය හදුන්වා දුන්නේ. දෙරට අතර වසර ගණනාවක සිට පැවති මතභේද සමථයකට පත්කිරිමට බලධාරින් තීරණය කළා. ඒ අනුවයි ඥාතීන් සහ මිතුරන් හමුවීමට සිවිල් වැසියන්ට අවස්ථාව හිමිවුණේ.
ගමන ආරම්භ වීමට පෙර විනාඩියක කාලයක් මඟීන් ගීත ගායනා කරමින් නර්තනයේ නිරත වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.