ඉන්දියාවේ මහල් හයකින් යුතු ගොඩනැගිල්ලක් තවත් මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලක් මතට කඩාවැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.නවදිල්ලියට යාබද නොයිඩා නගරයේ මහල් නිවාසයකුයි මෙසේ තවත් ගොඩනැගිල්ලක් මතට කඩාවැටී ඇත්තේ.
මහල් හයකින් යුතු ගොඩනැගිල්ල ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලක් බව සදහන්. මෙම ගොඩනැගිල්ල නීතිවිරෝධීව ඉදිකෙරෙන බවට පැමිණිලි කළද එය කඩාවැටෙන තෙක් බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට ද චෝදනා එල්ලවනවා. මහල් හතරකින් යුතු ගොඩනැගිල්ලේ පවුල් 18 ක් පමණ ජීවත්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුකෙරෙනවා.