බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුදගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ වීමට නියමිතයි. මෙහි පළමු නඩුව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්යක්ෂ පියදාස කුඩාබාලගේ යන අයට එරෙහිව ගොණු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූයේ පසුගිය මැයි නව වනදායි. මැයි 18 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබුණා. ඒ අනුව මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ස්ථාපනය කිරීමට පසුගියදා කටයුතු කෙරුණා. ඒ සඳහා වන අධිකරණ සංකීර්ණය අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වුණා. දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැණෙන වැරදි විභාග කිරීමට මහාධිකරණවලට බලය හිමිවනවා. එහෙත් මෙම විශේෂ මහාධිකරණය මගින් අවධානය යොමු කෙරෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ දේපල සම්බන්ධ නඩු කෙරෙහි පමණක් වීම විශේෂත්වයක්. රාජ්‍ය දේපල, මුදල් අවභාවිතය වැනි බරපතල ගණයේ වංචා දූෂණ විභාග කිරීමේ බලය මෙම අධිකරණයට ලබා දී තිබෙනවා. දේශපාලනයේ නිරත වෙමින් මෙවැනි අපරාධ කළ සොරුන් අල්ලා ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ. ඒ අනුව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්යක්ෂවරයාට එල්ල වී ඇත්තේ රුපියල් බිලියන හතරක රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකුයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් මගින් ඉදි කෙරුණු කොල්ලුපිටිය ග්‍රෑන් හයිඩ් හෝටල් ව්‍යාපෘතියට වෙන් කළ රුපියල් බිලියන 18.5ක මුදලක් අවභාවිත කළ බවටයි මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ.