මෙරට ග්‍රාමීය සංවර්ධනයේ නව පරිච්ඡේදයක් අරඹමින් ගම්පෙරළිය ජාතික සංවර්ධන ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික් වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය නගරයේදී හෙට (15) ආරම්භ වනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම හදුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරිම ඇතුළු අංශ රැසක සංවර්ධනය ඇති කිරිම ගම්පෙරළිය ජාතික වැඩසටහනේ ඉලක්කයයි. ඒ අනුව මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය කිරිම හෙට(15) සිදු කිරිමට නියමිතයි. නව ව්‍යවසායක ප්‍රජාවක් බලගැන්වීම සදහා හදුන්වා දුන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන ක්‍රියාත්මක කරන බැංකු වල විශේෂ ඒකක විවෘත කිරිම ද මේ යටතේ සිදු වනවා. ඒ අනුව නිකවැරටිය මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. ජනහමුවක් ද නිකවැරටියේදී හෙට (15) පැවැත්වෙනවා.
මේ අතර සංවර්ධන සංග්‍රාමයක් ඇති කරමින් ගම්පෙරළිය තවත් වැඩසටහනක් වෙල්ලස්සේදී හෙට(15) ආරම්භ වනවා. වැල්ලවාය, මීදෙණිය පාලම ඉදි කිරිම, මඩුල්ල කොන්ගස්ආරාව වැව හා සියඹලාණ්ඩුව මීකොටුආර වැව ප්‍රතිසංස්කරණය හෙට (15) ආරම්භ වන්නේ මීට සමගාමීවයි.