ගස් නගින්නේ වදුරෝ,පුසෝ,කොටියෝ වගේ සත්තු.එත් එළුවෝ ගස් නගිනවා කිව්වොත් පිළිගන්න පුලුවන්ද?ඒත් අපේ රටේ එළුවෝ නම් ගස් නගින්නේ නැහැ. උන්ට ගස් නගින්නත් බැහැ. එත් ගස් නගින එළුවෝ ඉන්නවා. ඒ මොරොක්කෝවේ. උන් නම් ගස් නගින්න උපන් හපන් සත්තු ජාතියක්.
මේ එළුවෝ හැම ගසකටම නගින්නේ නැහැ උන් නගින්නේ අැරගන් ගස්වලට පමණයි. එකට ලොකු හේතුවක් තියනවා. ඒ තමයි ඇරගන් ගැහේ හැදෙන ගෙඩි කන්න. අැරගන් ශාකය නිරිත දිග මොරොක්කෝවට පමණක් අවේනික වූ ශාකයක්. මේ ගහේ ගෙඩි ඉතා ප්රනීත රසයෙන් යුක්ත වනවා.
මේ සතුන් අැරගන් ගසේ ගෙඩි කන එකෙන් වාසියක් තියනවා. මොකද මේ අැරගන් ගෙඩියේ ඇටයෙන් තෙල් හිදිනවා. එළුවෝ මේ ගෙඩි කෑවට උන්ට මේ අැටය දිරවන්න බැහැ. උන්ගේ මලවලින් ඒ අැට වෙන් කරලා තෙල් හිදිනවා. ඒ තමයි ආගන් තෙල්. අපි පරිභෝජනයට ගන්න අාගන් තෙල් හැදෙන්නේ ඒ විදිහට කියල හිතලා තිබුණේ නැහැ නේද?
ඒ වගේම මේ එළුවන්ට ගස් නගින්න පුරුදු කරලා තියෙන්නේ ඒ එළුවන්ගේ හිමිකරුවන්ම තමයි. ඒ කියන්නේ අාගන් තෙල් ගන්න පුළුවන් ලේසි ක්රමය ඒ විදිහට එළුවන්ගේ මලවලින් වෙන් කරගත්ත අාගන් ඇටය පාවිච්චි කරලා.
මොරොක්කොව කියන්නේ සංචාරකයෝ වැඩි වශයෙන් ගැවසෙන රටක්. ඒ වගේම මේ රටට එන සංචාරකයෝ මේ ගස් නගින එළුවන් බලන්න නම් අමතක කරන්නේ නැහැ.
-ශානිකා රත්නායක-
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/5556edcaf0090.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/article-2056778-0EA218DB00000578-25_1024x615_large.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/sofitel-agadir-royal.jpg”]