ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බි්රතාන්යයේ සංචාරයක නිරත වනවා. එහිදි බි්රතාන්ය අග්රාමාත්ය තෙරේසා මේ ඇතුළු ඉහල පෙළේ නිලධාරින් සහ දේශපාලන නායකයින් සමඟ සාකච්ඡා කිරිමයි සැළසුම. ඇමරිකා ජනාධිපතිවරයා බි්රතාන්ය මහ රැජිණ හමුවීමට ද සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. ආරක්ෂාව ඇතුළු කරුනු කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර ගිවිසුම් කිහිපයකට එළඹීමට ද යෝජනා කර තිබෙනවා.
ඇමරිකා ජනාධිපතිවරයාගේ බි්රතාන්ය සංචාරයට විරෝධය පළකරමින් ලන්ඩන් ආශි්රතව පනස් දහසකට ආසන්න පිරිසක් විරෝධතාවක නිරත වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.