21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමුවරට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය පරාජයට පත්කරමින් ක්‍රොඒෂියාව සමත්වුණා. මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබා ගෙන සිටියා. එහෙත් අතිරේක කාලයේදී ගෝලයක් වාර්තාකරමිනුයි ක්‍රොඒෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ. අතිරේක කාලයකදී ගෝලයක් වාර්තාකරමින් කණ්ඩායමක් පාපන්දු ලෝක කුලසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගෙන ඇත්තේ 1990 වසරෙන් පසුවයි. මේ අනුව රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ප්‍රංශය හා ක්‍රොඒෂියාව අතර ලබන පහළොස්වනදා පැවැත්වීමට නියමිතයි.