බුත්තල මූලගිරි රජමහා විහාරස්ථානයේ බුදු පිළිමයේ තිබූ නිදන් වස්තු සොරාගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මූලගිරි රජමහා විහාරස්ථානයේ පිහිටි හිටි පිළිමයේ ශීර්ෂය බිද එහි තිබූ නිදන් වස්තු කොල්ලකා තිබෙනවා.
විහාරාධිපති හිමියන් බුත්තල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ක්රියාත්මක කෙරුණා. එහිදී ඔක්කම්පිටිය ප්රදේශයේ සැගව සිටි හතලිස් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා. නිදන් වස්තු සොරකරම් කිරීමෙන් පසු වැල්ලවාය ප්රදේශයේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසැකට ඒවා අලෙවි කර ඇති බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා. සැකකරු වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.