ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරට ශ්රී ලංකාවේ ආරුගම්බේ නම්කර තිබෙනවා. ඒ ලෝන්ලි ප්ලැනට් නමැති ලෝක ප්රකට සඟරාව විසින්.
ලෝන්ලි ප්ලැනට් සගරාවට අනුව හොඳම සංචාරක ගමනාන්ත අතර පළමු ස්ථානය හිමිව ඇත්තේ දකුණු කොරියාවේ බසන් නගරයටයි. එහි 7 වන ස්ථානයට නේපාලයේ ලුම්බිණිය නම්කර තිබෙනවා. ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලෝකය පුරා ප්රචලිත වීම සඳහා ආරුගම්බේ වැනි සුන්දර ස්ථාන හේතුවක්.
පසුගිය වසරට සාපේක්ෂව මේ දක්වා ලොව පුරා සංචාරකයින් මෙරටට පැමිණීමේ වැඩි ප්රවණතාවකුයි දක්නට ලැබෙන්නේ. මෙවැනි ජයග්රහණ ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනයට සෘජු බලපෑමක් ඇති කරනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/97244126.jpg”]