ඉරානයේ කුර්දිස්ථාන පලාතට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ බටහිර ටෙහෙරානය ආසන්නයේදී සිදුවූ අනතුරකින් හත් දෙනෙකු මිය යාම හේතුවෙන්. අනතුර සිදු වුණේ තෙල් ප්‍රවාහනය කළ බවුසරයක් සහ මගී බස් රථයක් ගැටීමෙන්.
නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේ අබලන් මාර්ග සහ දැඩි රථවාහන තදබදය හේතුවෙන් අනතුරු බහුලවම සිදු වන බව යුනිසෙෆ් සංවිධානය ද පෙන්වා දී තිබෙනවා.