රාජකීය ගුවන් හමුදාවේ සියවන සංවත්සරය සැමරීම සඳහා ගුවන් යානා සියයක් එක්කර ගෙන තිබෙනවා. මිනිත්තු 18 ක කාලයක් තුළ එම ගුවන් යානා සියය ලන්ඩනය හරහා පියසර කරවීමටයි නියමිතව ඇත්තේ. ප්‍රහාරක ජෙට් යානා ද ඇතුලුව විවිධ වර්ගයේ යානා ඒ සඳහා යොදා ගැනෙනවා. රාජකීය පවුලේ සාමාජිකයන්ද සංවත්සර සැමරුම් උළෙලට එක්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.