අනුරාධපුර දීපානි විදුහල ඉදිරිපිටදී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණුවල මහතා අද(09) නියෝග කළා.
අනුරාධපුර දීපානි විදුහල ඉදිරිපිට දී පසුගිය 5 වනදා ඝාතනය කෙරුණේ වන්නියම්කුලම ගම්සභා මාවතේ පදිංචිව සිටි 45 හැවිරිදි ප්රසන්න හෙට්ටිආරච්චි නමැති අයෙක්. සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන් වන ආර් ඩී චමින්ද චන්ද්රකුමාර හෙවත් පුල්ලෙයාර් චමින්ද නමැති සැකකරු සමඟ තවත් 3 දෙනෙකු අනුරාධපුර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.