28 වන සබරගමුව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේ දී මේ දිනවල පැවැත්වෙනවා. රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 දෙනෙකු තරගාවලියට එක්ව සිටිනවා. දින 05 ක් පුරා පැවැත්වීමට සැළසුම් කර ඇති තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
එහිදී දකුණු ආසියා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පදකක්ම දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මූල්‍ය අනුග්රහකත්වයක්ද ලබා දුන්නා.පසුගිය වසරේ පැවැති සමස්ථ ලංකා පාසල් මලල ක්‍රිඩා උලෙලේ හතර වන ස්ථානය දිනාගත්තේ සබරගමුව පළාතයි.