සික්ස් රෙඩ් ස්නූකර් තරගාවලියේ ශුරතාව එෆ් එම් ෆාසිල් හිමිකරගත්තා. ජාතික බ්රිලියට් සහ ස්නූකර් සංගමය වාර්ෂිකව සංවිධාන කරන තරගාවලිය සඳහා ක්රීඩා සමාජ 30 ක් නියෝජනය කරමින් ක්රීඩකයින් 134 දෙනෙකු එක්ව සිටියා.
දින 12 ක් පුරා කොළඹ පැවති තරගාවලියේ අවසන් මහා තරගය පැවැත් වුණේ එෆ් එම් ෆාසිල් සහ ආසික් හුසේන් අතරයි. එහිදී තරග වට 05ට 04 ලෙස එෆ් එම් ෆාසිල් ජයහිමිකර ගත්තා. තගාවලියේ තුන්වන ස්ථානය හිමි වූයේ ඔටර්ස් ක්රීඩා සමාජය නියෝජනය කළ අනුරුද්ධ හික්ගොඩ ක්රීඩකයාටයි.