දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇතිවිය හැක.දිවයින හරහා, විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත් වලත් මාතලේ, ත්‍රිකුණාමලය අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තරමක් තද සුළං ඇති විය හැකියි.
දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතී.මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.පුත්තලම සිට කොළඹසහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත සිට බස්නාහිර දක්වා වූ දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 40-45ක් පමණ වේ.දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.පුත්තලම සිට කොළඹ, මාතර සහ හම්බන්තොට හරහාපොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.