21 වන පාපන්දු ලෝක කුසලානයේ රන් සපත්තුව දිනා ගන්නා ක්‍රීඩකයා කෙරෙහි කාගේත් අවධානය මේ වන විට යොමුව තිබෙනවා. රුසියාවේ පැවැත්වෙන තරගාවලියේ මේ වන විට පවත්වා ඇති මූලික අදියරේ හා සුපිරි කණ්ඩායම් 16 වටයේ තරගවලදී වැඩිම ගෝල වාර්තා කර ඇත්තේ එංගලන්ත ක්‍රීඩක හැරී කේන්. ඔහු ගෝල හයක් වාර්තා කර තිබෙනවා. බෙල්ජියම් ක්‍රීඩක රුමේලු ලුකාකු හා පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාඩෝ ගෝල හතර බැගින් ලබාගෙන තිබෙනවා.
මෙම ක්‍රීඩකයින් තිදෙනා අතර තරගාවලියේ රන් සපත්තුවට හිමි ක්‍රීඩකයා සම්මානය දෝලනය වෙමින් පවතිනවා. තරගාවලියේ මේ වන විට පවත්වා ඇති තරග අතුරින් වැඩිම ගෝල වාර්තා කළ කණ්ඩායම බවට පත්ව ඇත්තේ බෙල්ජියමයි. ඔවුන් ගෝල දොළහක් ලබාගැනීමට සමත්ව සිටිනවා. ගෝල නවය බැගින් රුසියාව හා එංගලන්තය ලබාගෙන තිබෙනවා. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද (06) රාත්‍රී උරුගුවේ හා ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතයි. මෙම වටයේ දෙවන තරගය බ්‍රසීලය හා බෙල්ජියම අතර අද (06) දිනයේ පැවැත්වෙනු ඇති.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/eden-hazard-neymar_625x300_1530773293975.jpg”]