ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදි සම්මත වුණා. පනත් කෙටුම්පත කාරක සභාවේදි සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුව වෙත දන්වා සිටියා. විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යය සහ කර්තව්‍යයන් පිළිබද විධිවිධාන සැලැස්විම සදහායි නව පනත සකස් කෙරුණේ.