මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්රයේ මතුව ඇති ගැටලූ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටලූ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.
රත්රන් සඳහා පැනවු 15%ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මැණික් ගැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමේ ගැටලූ සහ ප්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමු විය.මැණික් ගැරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේදී රාජ්‍ය ආයතන සහ වතු සමාගම් ආශ්‍රිතව මතුවී ඇති ගැටලූකාරි වාතාවරණය පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
මෙම ගැටලූ අතරින් දැනට විසඳුම් ලබාදිය හැකි ගැටලූ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා අනෙකුත් ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීමට අදාළ සියලූ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ජූලි 12 වනදා නැවත වරක් සාකච්ඡාවක් කැඳවීමට ද උපදෙස් දුන්නේය.
අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල බණ්ඩාර ජයරත්න මහතා ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.