මීගමුව, කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තවත් පිරිසකගේ අවසන් කටයුතු කිතුනු ආගමික වතාවත් මධ්‍යයේ අද (25) සිදු කෙරුණා. ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඉරිදා පාස්කු දේව මෙහෙයට සහභාගී වීම සදහා දේවස්ථානය වෙත පැමිණි අහිංසක ජනතාව ඉලක්ක කරගනිමින් සිදුකළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් තවත් විසි දෙනෙකුගේ අවසන් කටයුතු ඊයේ (24) සිදු කෙරුණා. මෙම ඛේදවාචකයෙන් මිය ගිය තවත් හය දෙනෙකුගේ අවසන් කටයුතු අද(25) සිදු කෙරුණේ බොහෝ පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයයේයි.
කටුවාපිටිය දේවස්ථාන භූමියේ දී ආගමික වතාවත් ඉටු කිරීම සිදු වුණේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. දොන් ඩේවිඩ් වත්ත පොදු සුසාන භූමියේ දී මෙම දේහයන් මිහිදන් කෙරුනේ ඥාති හිතමිත්රාදීන්ගේ දෙනෙත් කදුලින් තෙත් කරමින්.