දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට අයහපත් කාළගුණයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. ගංවතුර හේතුවෙන් එම ප්‍රදේශයේ දෛනික ජන ජීවිතය අඩාළ වී තිබෙනවා. දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූ පිරිස 1000කට අධික බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
මියගිය පිරිස අතර මාස 6 ක බිළිදෙකු මෙන්ම කුඩා දරුවන් කිහිප දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු අප්‍රිකාවේ වෙරළබඩ නගරවලට ඉදිරි දිනවලදී දැඩි සුළගින් බලපෑම් ඒලල විය හැකි බවටද කාළගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.