කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අකුණු සහ තද වැසි සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.
ඒ සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලට බලපැවැත්වෙන පරිදි. සවස දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. පැයට කිලෝ මීටර 80ක පමණ කෙටි කාලින තද සුළං වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.