සිය මැයි දින රැළිය අවලංගු කිරිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා.
මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ නගර සභාව ඉදිරිපිට පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ. එභෙත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එය අවලංගු කිරිමට තීරණය කළ බවයි පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.