සුඩානයේ අඛණ්ඩව විරෝධතා පැවැත්වෙනවා. ජනාධිපති ඕමාර් අල් බෂීර් බලයෙන් නෙරපා හැර මේ වනවිට කි්රයාත්මක වන්නේ හමුදා පාලනයක්.
එහෙත් යළි ප්රජාතන්ත්රවාදය ගොඩනැංවීම සඳහා කඩිනමින් කටයුතු නොකිරීම හේතුවෙන් හමුදා පාලනයට ජනතාවගේ විරෝධතා එල්ල වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. බලය පැවරීම සඳහා හමුදාව සහ ඒකාබද්ධ සිවිල් සභාව අතර සාකච්ඡාවක් කඩිනමින් ලබාදෙන ලෙස ද විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.