යුක්රේන ජනාධිපතිවරණය ජයගැනීමට වොලිඩි මීර් සෙලෙන්ස්කි සමත්වුණා.
ජනාධිපති ධුරයට දැරූ පෙට්රෝ පොරොෂෙන්කෝට ඔහු ප්‍රබල අභියෝගයක් එල්ල කළ බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. පරිණත දේශපාලන අත්දැකීම් නොමැති සෙලෙන්ස්කි යුක්රේනයේ රූපවාහිනී විකට නළුවෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටිනවා. 41 හැවිරිදි ඔහු මැතිවරණයේ දෙවන වටයේදී සියයට 70 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමටයි සමත්වුණේ.
හිටපු ජනාධිපති පොරොෂෙන්කෝට හිමිවුණේ සියයට 24 යි දශම 6 යි 5 ක ඡන්ද ප්‍රතිශතයක්. ඒ අනුව ඉදිරි වසර පහ වෙනුවෙන් යුක්රේනයේ ජනාධිපති ධුරයට පත්වන්නේ වොලිඩිමීර් සෙලෙන්ස්කි. එරට ආරක්ෂක, යුධ සහ විදේශ ප්‍රතිපත්ති ඇතුලු ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක බලය හිමිවන්නේ ද ජනාධිපතිවරයාටයි.