එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය ලබාදීමට සුදුසුම ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න බව තේරීම් කමිටුව අවධාරණය කරනවා.
තවත් දින 42 කින් එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරනවා. 2015 වසරේ සිට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩාකර නොමැති දිමුත් එක්වර නායකයා ලෙස පත්කිරීම ඇතැමුන් ප්‍රශ්නකරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6h41Yfva7zY”]
නිමාවූ දකුණු අප්‍රිකා ක්‍රිකට් සංචාරය ඇතුළු තරගාවලිවලට ක්‍රීඩා කළා ඇතැම් ක්‍රීඩකයින්ට ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමිව නැහැ. නිරෝෂන් දික්වැල්ල හා අකිල ධනංජය දක්ෂතා අතර නොවීම අවස්ථාවක් හිමි නොවීමට හේතුවී තිබෙනවා. ලසිත් ඇඹුල්දෙණිය, දසුන් ශානක හා අසේල ගුණරත්න ආබාධයන්ට ලක්ව සිටිනවා.
හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට සංචිතයේ අවස්ථාවක් හිමි නොවූයේ පිතිකරු ලැයිස්තුවේ ස්ථානයක් ලබාදීමට පැවති අපහසුතාව හේතුවෙන් බව තේරීම් කමිටුව පවසනවා.