හිටපු එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකර සමුගැනීම පිළිබද මෙතෙක් නිෂ්චිත ලෙස තීරණය කර නැතැයි ඔහු ITNන් ප්රවෘත්ති අංශයට පවසා සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග දොළහේදී ලසිත් මාලිංග නායකත්වය ලබා දුන්නා. එහෙත් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම් කළේ දිමුත් කරුණාරත්නයි.
ඉන්දියාවේ සිට ITN ප්රවෘත්ති අංශය සමගින් සම්බන්ධ වූ ලසිත් මාලිංග කියා සිටියේ ලෝක කුසලාන සංචිතයට තමන් ඇතුළත් දැයි තවමත් නොදන්නා බවයි. සංචිතයට ඇතුළත්ව සිටියහොත් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබද තේරීම් කමිටුව සමගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා. අනතුරුව තවදුරටත් කණ්ඩායමේ රැදී සිටින්නේ ද යන්න තීරණය කිරීමට නියමිතයි. කෙසේ වෙතත් කණ්ඩායමෙන් ඉවත්වීම පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් ඔහු කියා සිටියා. තවත් දින 43 කින් එංගලන්තයේදී ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය අද නම් කිරීමට නියමිතයි.