Life+News The Official News Portal of Independent Television Network Ltd

කුසල් ජනිත් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 15:44

කුසල් ජනිත් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට

ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තවත් දින 45 කින් එංගලන්තයේ දී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට නම් කිරීමට නියමිතයි. මෙම කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට ලබාදීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පූර්ණ සුවය ලබාසිටීම හේතුවෙන් ඔහුගේ නමද නායකත්වය සදහා යෝජනා වී තිබෙනවා. මේ වන විට එක්දින නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග කණ්ඩායම ජයග්‍රහණය කරා කැදවාගෙන යාමට අසමත්වීම හේතුවෙනුයි නායකත්ව වෙනස සිදු කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 15:44
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්