විදුලි අර්බුදයට විසදුමක් ලෙස අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිබල උත්පාදනය මෙරටට හදුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය කැමැත්ත පළකර තිබෙනවා. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතා අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේයි මෙම එකගතාව පළකෙරුණේ.
දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් අවම මිලක් සහිත පරිසර හිතකාමී විදුලි උත්පාදන ක්‍රමවේදයන්ට ශ්‍රී ලංකාව යොමුවෙමින් සිටිනවා. එම වැඩපිළිවෙළේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමවේදය හදුන්වාදිය හැකියි. මෙරට ප්‍රධානම විදුලි උත්පාදන ක්‍රමය වන්නේ ජල විදුලියයි. දිවයිනේ ඇති ජල මූලාශ්රයන්ගෙන් විදුලිය උත්පාදනය කළ හැකි මට්ටමේ පවතින සියල්ල ඒ සදහා යොදාගෙන තිබෙනවා. අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීම තුළින් විදුලිබල අර්බුදයට මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවටද විසදුම් ලබාගත හැකි බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සදහන් කළා. මෙම කටයුතු සදහා කැපවී ක්‍රියා කරන බවත් ඊට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී සදහන් කළා.