Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවේ ප‍්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් සක‍්‍රීය බව හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 13:03

උතුරු කොරියාවේ ප‍්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් සක‍්‍රීය බව හෙළිවෙයි

උතුරු කොරියාවේ ප‍්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය සක‍්‍රීය බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් විශේෂඥයන් පිරිසක් විශ්ලේෂණයක නිරතවී තිබෙනවා. එහිදී න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ ක‍්‍රියාකාරකම් සිදුවන බවටයි තොරතුරු හෙළිවුණේ. න්‍යෂ්ටික වැඩසටහන් නතර කරන බවට උතුරු කොරියා නායකයා ඇමරිකාව සමඟ පැවති සාකච්ඡාවේදි ප‍්‍රකාශ කළා.

එහෙත් එය යථාර්ථයක් නොවන බවයි විශේෂඥයන් පවසන්නේ. යුරේනියම් බල ගැන්වීමේ මධ්‍යස්ථාන ද ක‍්‍රියාත්මක විය හැකි බවටත් ඔවුන් අදහස් පළකර තිබෙනවා. ඡායාරුප විශ්ලේෂණය සදහා ස්ටැෆර්ඩ් විශ්ව විද්‍යාල මධ්‍යස්ථානය ඇතුලු ආයතන කිහිපයක දායකත්වය හිමිවුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 13:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්