මානව පරිණාමය පිළිබඳව අළුත් අධ්‍යනයක් ආරම්භ වුණා.
පිලිපීනයේදී සිදුකළ කැණීම්වලින් නව මානව විශේෂයක් පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා. වසර පනස් දහසක් පැරණි පොසිල හමුවූ බවයි අන්තර්ජාතික පර්යේෂණ කණ්ඩායම් සඳහන් කළේ. කැලෑඕ ගල් ගුහාවල සිදුකළ කැණීම්වලදි පොසිල හමුව තිබෙනවා. ඔස්ටේ්රලියාව ඇතුළු රටවල් කිහිපයක විද්‍යාඥයන් ඒ සඳහා එක් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. හොමිනිම් වර්ගයේ පරිණාමීය අවස්ථා පිළිබඳ සොයා බැලීමත් ඔවුන්ගේ අරමුණක්. මෙවැනි මානව වර්ගවලට සමාන පොසිල අප්‍රිකා කලාපයෙන් ද හමුව තිබෙනවා. ඒ අනූව ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව ද තොරතුරු විමර්ශනය කරන බවයි විද්‍යාඥයන් පවසන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/04/callao-cave-excavationluzon.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/04/4430.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/04/645×400-previously-unknown-human-species-fossils-found-on-philippine-island-1554926515327.jpg”]