Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම අනිද්දා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 10:01

ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම අනිද්දා

තවත් දින 45 කින් ආරම්භ වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම අනිද්දා සිදුකරන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසනවා.

එංගලන්තය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට එක්වන ඉන්දීය හා ඕස්ට්‍රේලියා සංචිත මේ වන විටත් නම් කර තිබෙනවා. මෙරට සංචිතය තෝරා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් 4 ක් තරග වැදුනු සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය පසුගියදා පැවැත්වුණා. එම තරගාවලියේදී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා සංචිතය අනිද්දා තෝරා ගැනීමට නියමිතයි. මේ වන විට ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි. ඔහුගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරග 12 දීම ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සමග එරටදීම පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඓතිහාසික පූර්ණ ජයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. එමෙන්ම නිමාවූ සුපිරි පළාත් තරගාවලියේදී දැක්වූ දක්ෂතාද සැලකිල්ලට ගනිමින් ඔහුට එක්දින නායකත්වය ලබාදීමට ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිලිබද අවසන් තීරණය ඉදිරි තේරීම් කමිටු රැස්වීමේදී ලබාගැනීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 10:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්