අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ පැහැර ගැනීම ලක්වූ නවසීලන්ත ජාතික හෙදියක ජීවත්ව සිටින බවට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසනවා.
ලුයිසා අකාවි නමැති මෙම හෙදිය පැහැරගෙන තිබුණේ 2013 වසරේ ඔක්තෝබර් මාසයේ දීයි. ඇයත් සමග පුද්ගලයින් හත් දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණා. ඉන් හතර දෙනෙකු නිදහස් කිරීමට පසුව කටයුතු කළා. අතුරුදන් වූ අනෙක් පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නැති බවයි රතුකුරුස සංවිධානය පවසන්නේ. ලුයිසා අකාවි නමැති මෙම හෙදිය සෙවීම සදහා නවසීලන්ත විශේෂ හමුදා කණ්ඩායමක් සිරියාවට යවා තිබෙනවා.