සිරියාවේ ඇලප්පෝ නගරයට එල්ලවූ රොකට් ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම නගරයේ වැඩි කොටසක බලය අත්පත් කරගෙන සිටින ත්‍රස්ත කණ්ඩායම් ප්‍රහාර එල්ල කර ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. රොකට් ප්‍රහාර 20 ක් පමණ එල්ලවී ඇති බව සිරියා මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන පෙන්වාදී තිබෙනවා.