කඹුරුපිටිය, රන්සෑගොඩ දකුණ ප්රදේශයේ සිදුවූ ගැටුමකින් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද අලුයම 4 යි 10ට පමණ මෙම ගැටුම සිදුව ඇත්තේ. ප්රදේශයේ සිදුවූ බූරු පොළක් ආසන්නයේ වෑන් රථයකට සහ නිවසකට ගිනි තබා ඇසිඩ් ප්රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හත් දෙනෙකු රෝහල් ගත කෙරුණා. මාතර අකුරැස්ස සහ කඹුරුපිටිය යන රෝහල්වෙත ඔවුන් ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා. සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. කඹුරුපිටිය පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.
මේ අතර අවුරුදු සමයේ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරුණු රෝගීන් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ප්රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්යානි සොයිසා මහත්මිය මෙසේ අදහස් පළකලා. ඒ අයිටීඑන් හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/A1D6K7hJ5O0″]