Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගාවලියකට සාකච්ඡා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 11:34

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගාවලියකට සාකච්ඡා ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සදහා සාකච්ඡා පවත්වමින් සිටින බව පාකිස්ථාන  ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා. තරගාවලිය කරච්චි හා ලාහෝර් ක්‍රිඩාංගනවල  පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුවයි ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට අවධානය යොමුව තිබෙන්නේ. මේ පිලිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන් තීරණයක් ගෙන නැහැ. මේ අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි දින කිහිපයේ දී නම් කරන බව ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා. එහිදී අත්දැකීම් සහිත මෙන්ම නවක ක්‍රීඩකයින්ට ද අවස්ථාව ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් විශේෂ පුහුණු සැසියක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී  පැවැත්වෙනවා. ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමෙන් අනතුරුව එය පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 11:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්