සුඩානයේ හමුදා පාලනය, පැවැති රජයේ සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහෙත් තවමත් වීථිවල රැඳීසිටින විරෝධතාකරුවන් විසුරුවා හැරිමට කටයුතු නොකරන බවයි ඔවුන් සඳහන් කළේ.
සාමකාමීව දෛනික ජීවිතය ගත කිරීම සඳහා බාධා නොකරන ලෙස ද හමුදා පාලකයින් දැනුම්දී තිබෙනවා. නව අගමැතිවරයෙකු තෝරාගැනීම සඳහා විපක්ෂය කළ යෝජනාවකට ද ඉඩ ලබදෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හමුදා පාලනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. සිවිල් පාලනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කටයුතු හැකි ඉක්මණින් සකස් කරන බව ද ඔහු ප්‍රකාශ කළා. වසර 30 ක් බලයේ රැඳීසිටි හිටපු ජනාධිපති ඕමාර් අල් බෂීර්ට ඉවත් වන ලෙස ඉල්ලමින් සුඩානය පුරා විරෝධතා ආරම්භ වුණා.