Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අදත්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 09:16

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අදත්

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අදත් කි‍්‍රයාත්මක කර තිබෙනවා. කොළඹ සිට පිට පළාත් වලට ගමන් කිරීම සඳහා එම සේවාවන් කි‍්‍රයාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ

ලබන ඉරිදා සිට පිට පළාත් වලින් කොළඹට පැමිණීමට විශේෂ සේවා කි‍්‍රයාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ වෙනුවෙන් අමතර ලංගම බස් සහ පෞද්ගලික බස් රථ ද යොදවා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව ද විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් සැලසුම් කර ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 09:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්