Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියා මැතිවරණයේ අවසන් ප‍්‍රචාරණ දිනය වෙනුවෙන් දහස් ගණන් ජනතාව අගනුවරට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 16:08

ඉන්දුනීසියා මැතිවරණයේ අවසන් ප‍්‍රචාරණ දිනය වෙනුවෙන් දහස් ගණන් ජනතාව අගනුවරට

ඉන්දුනීසියා මැතිවරණ ප‍්‍රචාරණයේ අවසන් දිනය වෙනුවෙන් ජනාධිපති ජොකෝ විඩොඩෝගේ ආධාරකරුවන් දහස් ගණනක් ජකර්තා අගනුවරට රැස්ව සිටිනවා.

ඔහු දෙවන වරට ජනාධිපති ධුරයට පත්වුණේ 2014 වසරේදී. ඉදිරි පස් වසර තුළදී ද තරුණයන්, කාන්තාවන් ඇතුලු සියලුදෙනාට වඩා හොඳ ජීවිතයක් සහතික කරන බවයි ඔහු මැතිවරණ ප‍්‍රචාරණයේදී සඳහන් කර තිබෙන්නේ.

මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා මිලියන 190 කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් සුදුසුකම් ලබාසිටිනවා.

ඡන්ද මධ්‍යස්ථාන ලක්ෂ 8 ක් රටපුරා ස්ථාපිත කර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය ඉන්දුනීසියාවේ එකම දිනකදී පැවැත්වෙන්නේ පළමු වරටයි.

ප‍්‍රචාරණ රැළි සඳහා එකතුවී සිටින ජනතාව අනුව ඉන්දුනීසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය කෙතරම් විශාල සහ සංකීර්ණ ද යන්නට සාක්ෂි සපයන බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 16:08
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්